ඉබ්බාගමුව කලාපීය තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වයඹ පළාතේ, කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ , ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාවේ පූර්ණ අධීක්ෂණයට අමතරව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ ඉබ්බාගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියාමනය යටතේ ක්‍රියාත්මක වේ.
කලාපයේ තොරතුරු තාක්ෂණ විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂගේ සම්බන්ධීකරණයෙන් ද කලාප අධ්‍යාපන අධ්යක්ෂ (සභාපති) හා කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී ඇතුළු දේශක මහතුන්ගෙන් ද සැදුම්ලත් කළමනාකරණ කමිටුව විසින් මධ්‍යස්ථානයේ මූල්‍ය කටයුතු හා අනෙකුත් පරිපාලන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබයි.
2020 වර්ෂයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානය මේ වන විට පරිගණක පුහුණු පාඨමාලා 12 ක් ක්‍රියාත්මක කර ඇති අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 511 දෙනෙකු සඳහා පුහුණුව සම්පූර්ණ කර සහතිකපත් ලබා දී තිබේ.
මධ්‍යස්ථානය සතු වෙබ් අඩවිය, facebook ගිණුම, කලාපයේ ගුරු විදුහල්පති whatsapp සමූහ හා අත්පත්‍රිකා යන ප්රචාරක විධි ගණනාවක් භාවිත කර ප්‍රදේශයේ ප්‍රජාව වෙත මෙම මධ්‍යස්ථානය පිළිබඳව සන්නිවේදනය සිදු කරනු ලබන බැවින් මේ වන විට අප මධ්‍යස්ථානය ප්‍රදේශයේ පාසල් සිසුන් , ගුරුභවතුන් හා රාජ්‍ය , රාජ්‍ය නොවන නිළධාරීන් අතර ජනප්‍රිය වෙමින් පවතී.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට අවශ්‍ය මාර්ගගත අයදුම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම අපගේ තවත් සේවාවකි. එම සේවාව ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද නිරන්තරව මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙමින් මධ්‍යස්ථානයේ දියුණුවට අවශ්‍ය දායකත්වය සපයා ඇත.
ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ මෙන්ම කලාපයෙන් බැහැරවද ගුරුවරුන්, අධ්‍යාපන කාර්යමණ්ඩල පුහුණු අවශ්‍යතා හැකිතාක් ප්රශස්ත මට්ටමින් සපුරාලීමට අප කාර්ය මණ්ඩලය නිරන්තරව කැප වී සිටී. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සපයා ඇති භෞතික සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාවිත කරන අතර මෙතක් අප වෙත සපයා ඇති සියළු උපකරණ සියල්ලම ක්‍රියාකාරී මට්ටමකින් පවත්වා ගැනීමටත් අපට හැකිවී ඇත්තේ ක්රමානුකූල භාවිතය හා නඩත්තුව හේතුවෙනි.
මධ්‍යස්ථානය සතු සම්පත් සංවර්ධනය කරමින් ප්‍රදේශයේ දූ දරුවන් ඇතුළු සමස්ථ ප්‍රජාවට තොරතුරු තාක්ෂණ දැනුම ළගා කර දීම අප මධ්‍යස්ථානයේ ඉදිරි ඉලක්කය වී තිබේ.